logo


Home ටෙන්ඩර්
”ජයිකා ව්‍යාපෘතිය” හරහා රා. ඖ. නි.  සංස්ථාවේ ධාරිතාවය ඉහළ නැංවීම
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර මිත‍්‍රත්වයේ සහ සහයෝගය සංකේතයක් ලෙස ජපාන රජය විසින් 1987 දී ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා) හරහා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයට ප‍්‍රදානය කළ පූර්ණ ප‍්‍රදානයකි.ඉන්පසුව රු. මිලියන 10 ක වටිනාකමින් යුත් අමතර කොටස් 1991 දී සහ 1996 දී දෙවරක් ප‍්‍රදානය කිරීම මගින් ‘ජයිකා‘ ආයතනය රා.ඖ.නී.සං තවදුරටත් සිය සහයෝගය ලබා දී තිබේ.තවද, නව නිෂ්පාදන යන්ත‍්‍රසූත‍්‍ර, නිෂ්පාදන කලාපය අ`ඵත්වැඩියාව සහ ශ‍්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාව සපුරාලීම සඳහා වාර්ෂිකව පෙති සහ කැප්සියුල මිලියන 4000 ක් දක්වා නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණු ඇතිව ගබඩා ගොඩනැගිල්ලක් ඉදිකිරීම මගින් රා.ඖ.නි.සංස්ථාව වැඩි දියුණු කිරීමට ‘ජයිකා‘ ආයතනය හරහා ජපාන යෙන් මිලියන 1244 ක ණයක් ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ. 2016 වන විට මෙම ව්‍යාපෘතිය නිමා කරනු ඇත.
 


Copyright © 2013 State Pharmaceuticals Manufacturing Corporation of Sri Lanka
No.11, Sir John Kotelawala Mawatha,Kandawala Estate,Ratmalana,
Sri Lanka.

Last Update:
13-10-2017 09:23