logo


Home රා.ඖ.නි.ස. සේවා තත්ත්ව පාලන දෙපාර්තමේන්තුව
තත්ත්ව පාලන දෙපාර්තමේන්තුව
imageimageimageimageimageimageimage
තත්ත්ව පාලන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ස්වාධීන අභ්‍යන්තර නියාමන ඒකකය වෙයි.එහි සමස්ත කර්තව්‍යයන්ට සමස්ත ගුණාත්මකතා කළමනාකරණ පද්ධතිය හා යහපත් නිෂ්පාදන පිළිවෙත් ක්‍රියාත්මක කිරීම මගින් තත්ත්ව පාලනය හා ගුණාත්මකතා තහවුරුව නිරීක්ෂණය කිරීම යන දෙකම ඇතුළත්ය.රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) තත්ත්ව පාලන විද්‍යාගාරය නවීන විශ්ලේෂී උපකරණවලින් හා ක්ෂුද්‍රජීව අංශයකින් සමන්විතය. මනා ලෙස පුහුණු වූ කණ්ඩායමක් බ්‍රිතාන්‍ය ෆාමකෝපියායි (BP) සහ එක්සත් ජනපද ෆාමකෝපියායි (USP) යන ඖෂධාවලි නියමයන්ට සහ ආයතනයේ අභ්‍යන්තර නියමාවලීන්ට අනුකූල වන පරිදි කටයුතු කරනු පිණිස පුළුල් විශ්ලේෂී ක්‍රම මාලාවක් යොදා ගනිති.ගුණාත්මකතා තහවුරුකරණයේදී ආරම්භක ද්‍රව්‍ය, පිරිසැකසුමේ ඇති භාණ්ඩ හා නිමි භාණ්ඩ ඊළඟ අදියරට යාමට පෙර පරීක්ෂණ හා අනුමැති ක්‍රියාවලියකට භාජනය කෙරේ. සියලුම ඇසුරුම් කොටස් සඳහා ජල විශ්ලේෂණ පරීක්ෂාවන් සිදු කෙරේ. ඉහත ක්‍රියාකාරකම්වලට අතිරේකව, නිමි භාණ්ඩ සඳහා සාමාන්‍ය හා වේගවත් කරන ලද තත්ත්වයන් යටතේ ස්ථාවරතා අධ්‍යයනයන් නිතිපතා සිදු කෙරේ. තවද, කම්හල් පවිත්‍රතාවය, පෙනිසිලින් හරස් අපවිත්‍රනය හා ගිලින මාත්‍රා ඖෂධ වර්ග පිළිබඳ ක්ෂුද්‍රජීව සීමාවන් සම්බන්ධයෙන් ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමිති අනුගමනය කෙරේ.
Contact person
Kuruppu K.D.A
Manager - Quality Control
Office Direct : 011 - 5512945
Office : 011 - 2637574 , 2635353 , Ext. 313
E-Mail - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

Go Back

 


Copyright © 2013 State Pharmaceuticals Manufacturing Corporation of Sri Lanka
No.11, Sir John Kotelawala Mawatha,Kandawala Estate,Ratmalana,
Sri Lanka.

Last Update:
13-12-2017 04:05