logo


Home රා.ඖ.නි.ස. සේවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව
නිෂ්පාදන දෙපාර්තමේන්තුව
imageimageimageimageimageimageimage
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ජපන් ජාතික වාස්තු විද්‍යා ශිල්පීන් විසින් ඖෂධ නිෂ්පාදනයෙහි නවීන ප්‍රවණතාවන්ට අනුව නිර්මාණය කරන ලදී. මෙහි නිෂ්පාදන ප්‍රදේශය එහි අංශු ප්‍රමාණය අවම කරනු පිණිස “ඉහළ කාර්යක්ෂමතා වාත අංශු පෙරහන්” සහිත මධ්‍යම වායු සමීකරණවලින් සමන්විත අති පවිත්‍ර කලාපයකි.කම්හල් සැලැස්ම මගින් විශිෂ්ට ගුණාත්මකතා ප්‍රමිති පවත්වා ගන්නා අතරම ද්‍රව්‍ය පරිවහනයට පහසුකම් සැලසේ. ඉහළම ගුණාත්මකතාව සහිත නිෂ්පාදන නිපදවනු පිණිස කැපවීම, පළපුරුද්ද හා සුදුසුකම් සහිත නිෂ්පාදන කාර්ය මණ්ඩලය ජපන් උපකාර ඇතිව පුහුණු කරන ලදුව, වත්මන් යහපත් නිෂ්පාදන පිළිවෙත් (cGMP) සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥයින්ගේ මාර්ගෝපදේශකත්වය ලැබූහ. නිෂ්පාදනයේ ගුණාත්මකතාව පවත්වා ගැනීම නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ ප්‍රධාන වගකීම වන අතර, ඉහළම ගුණාත්මක තත්ත්වයේ නිපැයුම් නිෂ්පාදනය කෙරෙන බවට වග බලා ගනු පිණිස ඔවුහු නිෂ්පාදන දෙපාර්තමේන්තුව තුළ පිහිටි නවීන විද්‍යාගාරයක් තුළදී ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන නිපැයුම් සඳහා පිරිසැකසුම අතරේදී මෙන්ම ආරම්භයේදී පරීක්ෂාවන් සිදු කරති.

Contact person
Jayaweera S. P
DGM - Production
Office Direct : 011 - 2623521
Office : 011 - 2637574 , 2635353 Ext. 426, 427
E-Mail - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

Go Back

 


Copyright © 2013 State Pharmaceuticals Manufacturing Corporation of Sri Lanka
No.11, Sir John Kotelawala Mawatha,Kandawala Estate,Ratmalana,
Sri Lanka.

Last Update:
13-12-2017 04:05