logo


Home රා.ඖ.නි.ස. සේවා සංයෝගකරණ පර්යේෂණය හා සංවර්ධනය
සංයෝගකරණ පර්යේෂණය හා සංවර්ධනය
imageimageimageimageimage
අඛණ්ඩ නිපැයුම් ප්‍රශස්තකරණය වනාහි පර්යේෂණය හා සංවර්ධනය හරහා වූ අපගේ කටයුතුවල එදිනෙදා සංසිද්ධියක් වේ. ඒ අනුව, සංයෝගකරණ සහ පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කර්තව්‍යයන් වන්නේ
නව නිෂ්පාදන සංවර්ධනය කොට, ඒවා වත්මන් නිෂ්පාදන ප්‍රවාහයට හඳුන්වා දීම - මෙයට නිපැයුම් සංයෝගකරණය, ක්‍රියාවලීන් නිර්ණය කිරීම, ඇසුරුම් නිර්මාණය කිරීම, බ්‍රිතාන්‍ය ෆාමකෝපියායි (BP) සහ එක්සත් ජනපද ෆාමකෝපියායි (USP) යන ඖෂධාවලි නියමයන් සහ ආයතනයේ අභ්‍යන්තර නියමාවලීන් සපුරාලනු පිණිස වූ ස්ථාවරතා ඇගයීම්, නිෂ්පාදන ලියාපදිංචි කිරීම සහ නිෂ්පාදන කට්ටල විශාලත්වයන් ඉහළ නැංවීම ඇතුළත්ය.
දැනට ඇති නිපැයුම් / නිෂ්පාදන කාර්යපටිපාටි වැඩි දියුණු කිරීම සහ වත්මන් නිෂ්පාදන සංයෝගවල දෝෂ සෙවීම - මෙයට සංයෝග වැඩි දියුණු කිරීම්, ක්‍රියාවලි වැඩි දියුණු කිරීම්, ස්ථාවරතා යහපත් කිරීම් සහ පිරිවැය ප්‍රශස්ත කිරීම් ඇතුළත් ය.
නිෂ්පාදන ක්‍රියාවලි වලංගු කිරීම සිදු කිරීම - මෙය සිදු කෙරෙනුයේ පූර්ව-සැලසුම් කළ ක්‍රියාවලි විමර්ශන සහ විශ්ලේෂී කාර්යපටිපාටි හරහා අවශ්‍ය ගුණාත්මකභාවයෙන් යුතු නිපැයුම් නිෂ්පාදනය කරනු පිණිස සංයෝගයේ හා ක්‍රියාවලියේ සමත්කම ඔප්පු කිරීමට ය.
අවශ්‍ය විට සායනික අත්හදා බැලීම් / ජෛව-සමානතා පරීක්ෂාවන් සිදු කරනු පිණිස වෙනත් ආයතන සමග ඒකාබද්ධව කටයුතු කිරීම.
Contact person
Mrs. Ratnayake H.C
Manager - Formulation cum Research and Development
Office Direct : 011 - 5012950
Office : 011-2637574, 2635353 , Ext. 316 , 317
E-Mail - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

Go Back

 


Copyright © 2013 State Pharmaceuticals Manufacturing Corporation of Sri Lanka
No.11, Sir John Kotelawala Mawatha,Kandawala Estate,Ratmalana,
Sri Lanka.

Last Update:
13-12-2017 04:05