logo


Home
සිහින සැබෑ වෙයි!
ශ්‍රී ලාංකිකයින් සඳහා සාධාරණ මිලට උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරනු පිණිස රජයට අයත් ආයතනයක් පිහිටුවීමට 1970 දශකයේදී මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා යෝජනා කළේය. 1987 වර්ෂයේදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) පිහිටුවීමත් සමගම මෙම සිහිනය යථාර්ථයක් බවට පත් විය.
රා.ඖ.නි සංස්ථාව වෙත සාදරයෙන් පිළිගනිමු
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදකයා වෙයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පුළුල් පරාසයක සංයෝග නාම නිෂ්පාදන ගිලින ඝණ මාත්‍රා ස්වරූපවලින් නිෂ්පාදනය කරයි.රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ජපන් මූල්‍ය ආධාර ඇතිව 1987 වර්ෂයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අංශයක් වශයෙන් පිහිටුවන ලදුව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) සෑම අංශයක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ යටතේ වත්මන් යහපත් නිෂ්පාදන පිළිවෙත් (cGMP) නියමයන්ට අනුකූලව කටයුතු කරන අතර, ඖෂධවල ගුණාත්මකතා ප්‍රමිතීන් බ්‍රිතාන්‍ය ෆාමකෝපියායි (BP) සහ එක්සත් ජනපද ෆාමකෝපියායි (USP) යන ඖෂධාවලි නියමයන්ට අනුකූල වේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වන විට වත්මන් නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කරනු පිණිස ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමග යළි කටයුතු කරමින් සිටියි.අපි දිනෙන් දින අපගේ ඖෂධ මත විශ්වාසය තබන ජනතාව වෙනුවෙන් ඇපකැප වී සිටිමු. ඔබ වෛද්‍යවරයකු, ඖෂධවේදීයකු හෝ රෝගියකු වුවද, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) පිළිබඳව වැඩිදුර විස්තර දැන ගනු පිණිස මෙම වෙබ් අඩවිය ඔබේ පුද්ගලික සම්පත් මූලාශ්‍රය ලෙස සලකනු මැනවි.
 


ඉදිරි සිදුවීම්

බෙදා හරින්නෝ

අමුත්තන්ගේ කවුළුව

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter




Copyright © 2013 State Pharmaceuticals Manufacturing Corporation of Sri Lanka
No.11, Sir John Kotelawala Mawatha,Kandawala Estate,Ratmalana,
Sri Lanka.

Last Update:
13-12-2017 04:05